වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් විස්තර වාර්තා එවන ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අධිකරණය, ජාතික පොලිස් කොමිෂන් සභාව සහ මානව හිමිකම් කොමිසම ඇතුළු ආයතන කිහිපයකට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඔහුට එරෙහිව යම් චෝදනා ඇත්දැයි සොයා බැලීම එහි අරමුණ බව පැවසෙන අතර මීළඟ පොලිස්පති ධුරය සඳහා ජනපතිවරයා විසින් එවා ඇත්තේ ඔහුගේ නම පමණක් බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, අද (12) සවස 1.30ට පොලිස්පති ධුරය සඳහා පත් කිරීමට ජනපතිගේ යෝජනව වන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සලකා බැලෙනු ඇති.
නව පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පතිවරයාම පත්වීමේ වැඩි ඉඩක් පවතින බව දේශපාලන ක්ෂේත්‍රයේ අදහසයි.