/ Feb 05, 2025

සහල් මාෆියාවට එරෙහි පියවර ගන්නවා: ඇමැති කියයි

මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඒ අනුව කඩිනමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් රට තුළ පවතින සහල් මාෆියාව පාලනය කිරීම සදහා ක්‍රමානුකූලව පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top