ඉදිකිරීමට නියමිත හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක් පැමිණ ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව එම ව්‍යාපෘතිය සදහා වන ගිවිසුම අවසන් කිරීම සදහා සිනොපෙක් සමාගමේ ඉහළ නිළධාරින් පිරිසක් ලබන මස මුල දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්.
මෙම ආයෝජනය සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සිය චීන සංචාරය තුළදී අත්සන් තබන ලදී.
පසුගිය දා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා සහ විජිත හේරත් අමාත්‍යවරයා අතර හමුවක් සිදු වූ අතර, එම හමුවේ දී ද මේ පිළිබදව සාකච්ඡා කර තිබේ.





