ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටී ඇතැයි වාර්තා වේ.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා පාසලේ පුහුණු සැසියක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවත් නියමුවන් දෙදෙනා ඇතුළු 12ක් එහි ගමන් ගෙන ඇති අතර මේ වන විට ඉන් 10 දෙනෙකු ආරක්ෂිතව පිටතට ගෙන ඇති බවත් දැනගන්නට ඇත.