/ Jan 23, 2026

අලි රොෂාන්ට වසර 15ක් කල්දේරම් බත!

වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස අලියෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ‘අලි රොෂාන්’ ලෙස හැඳින්වෙන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් යන අය හට වසර 15ක සිර දඬුවමක් නියම වී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න, ආර්. එස්. එස්. සපුවිත සහ ලංකා ජයරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, රුපියල් කෝටි දෙකයි ලක්ෂ 6ක දඩ මුදලක්ද ඔහුට පනවා ඇත. නීතිවිරෝධී ලෙස තබාගෙන සිටි අලියා රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top