/ Feb 14, 2026

ක්‍රමයේ වෙනසක් ඇති කරන්න ආපූ ආණ්ඩුව ගෙනා ගල් අගුරු නැව් 5ක්ම බාලයි!

සමගි ජන බලවේගය බොරුව අසත්‍ය මූලික කර ගෙන දේශපාලනය සහ සංවර්ධනය සිදු නොකරන අතර සමගි ජන බලවේගයේ එකම අරමුණ වන්නේ ජනතාවට හොද ජන ජීවිතයක් උදා කරවීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

බොරුවෙන් මුසාවෙන් රැවටිල්ලෙන් රාජ්‍ය පාලනයක් ගෙන යා නොහැකි බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

මේ වන විට ගල් අගුරු නැව් 5ක් පමණ ගොඩබා ඇති නමුත් මේ සියල්ල බාල ගල් අගුරු බවත් නොරොච්චෝලේ බලා ගාරයෙන් මෙගාවොට් 300 බැගින් 3ක් එනම් මෙගාවොට් 900ක් නිපදවුවත් මේ බාල ගල් අගුරු නිසා උපරිම ධාරිතාවට යාමට නොහැකි වී ඇති බවත්මේ හෙතෙම පැවසීය.

තමා මේ ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ප්‍රශ්න කරන විට ඒවාට උත්තර දීමට නොහැකි වු බවත් රටට ශක්තිය දෙනවා කියූ ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියු රජය කටයුතු කර ඇත්තේ මේ ආකාරයෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

ගොයම් කැපෙන කාලය ළං වන විට ගොවියාගේ අපේක්ෂාව වන්නේ වී කිලෝවට පොරොන්දු වූ මිල ලැබෙනු ඇතැයි වුවත් අද පෙනෙන්නට ඇත්තේ වී කිලෝවට රු. 120ක් ලැබෙයි ද කියා විශාල බියක් ගොවියාට ඇති බවත් මේ රජයට වි මිල දි ගැනීමේ සූදානමක් නොමැති බවත් වී මිලදී ගන්න අවශ්‍ය ගබඩා ටිකවත් මේ රජය සූදානම් කර නොමැති බවත් මේ තත්ත්වය තුළ නිෂ්පාදන පිරිවැයවත් ආවරණය කළ හැකි දෝ කිය බිය ගොවියා තුළ පැන නැගී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවම වශයෙන් වත්මන් රජයේ මැති ඇමතිවරු මැතිවරණ සමයේ පැවසූ පරිදි වී වලට සහතික මිලක් ලැබී නැති බවද ඔහු සඳහන් කරන ලදී.

ජාතික ආරක්ෂක ප්‍රශ්න සති කිහිපයකින් විසදා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ වත්මන් රජයේ මැති ඇමතිවරු සිටියත් ඊයේ මහ පාරේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිද අමු අමුවේ ඝාතනය කරන තැනට රට පත්ව ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දක්වා සිටියේ අද (14) හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙරලිහෙල ග්‍රාමයේ ගොවි ගැටලු සාකච්ඡාව හා එක්වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top