අම්බුළුවාව සංවේදී පරිසර කලාපය තුළ සියලු ඉදිකිරීම් අත්හිටුවන ලෙස පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී තිබේ.
විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දී ඇත්තේ.
එම කන්දේ සිදුකෙරෙන සියලු ඉදිකිරීම් පිළිබඳ ගැටලුව විමසීමට පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කර තිබේ.
මේ අතර, පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද නියමිතයි.





