/ Dec 29, 2025

100%කින් සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට!

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (12) සිට සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු 100% කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව ඉහළ දමා ඇත.

මත්පැන් බලපත්‍ර සංශෝධනයේදී ආරක්ෂිත ඇප තැන්පතු ගාස්තුවල යම් වෙනසක් තිබෙන්නේ නම් එය ගෙවිය යුතු බවද නිවේදනය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙසේ මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩිකර ඇති අතර ඒ අනුව ඉස්කාගාර බලපත්‍ර, රා බෝතල් කිරීමේ බලපත්‍රය, විනාකිරි නිෂ්පාදන බලපත්‍ර, වයින් නිෂ්පාදනය, බෝතල් ගත කිරීම, විකිණීම සඳහා දෙන බලපත්‍රය මත්පැන් සඳහා තොග බලපත්‍රය ඇතුළු සියලුම වර්ගයේ සුරාබදු සියයට සියයක සිට විවිධ ප්‍රතිශතවලින් වැඩිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top