/ Dec 06, 2025

ප්‍රජා ශක්ති වෙනුවෙන් සියලුම ප්‍රා. ලේකම්වරු කොළඹට!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳව මෙහිදී එම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිත අතර
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී මෙම රැස්වීම පැවැත්වෙයි.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහන බිම්මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් පුළුල් ලෙස මෙහිදී දැනුවත් කෙරෙනු ඇති.

රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව , සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව , ප්‍රජා ශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධති සහ අවකාශ පිළිබඳ හඳුන්වාදීම , අල්ලස් හා දූෂණ පිටුදැකීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ රටම එකට ජාතික මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සක්‍රීයදායකත්වය ලබා ගැනීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම ප්‍රජ ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රසාදයද හිමව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top