සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඊයේ (26) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබිණ.
සැකකරු පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිමයක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට මුදල් රැස් කර එයින් ලක්ෂ 350කට ආසන්න මුදලක් අයථා පරිහරණය කර ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට දන්වනු ලැබීය.
මෙම පිළිමවහන්සේ නිර්මාණය සඳහා මුදල් රැස්කරගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් එම විහාරස්ථානයේ අබල දුබලව රෝගීව සිටි හිමිනමකගෙන් ලබාගෙන ඇති අතර උන්වහන්සේ එයට අත්සන් තබා ඇත්තේ දැනුවත්භාවයකින් තොරව බැව්ද අධිකරණයේදී අනාවරණය විය.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, තම සේවාදායකයාට වාහන බලපත්‍ර 4ක් ලැබී ඇති බවත් ඒවා විකිණීමෙන් මුදල් උපයාගත් බවත් ය.
කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ජූලි 08 දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කළේ ය.