අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙන බව බලපිටිය රෝහල් ආරංචි මාර්ග පවසයි.
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණු අතර සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාළු ව්යාප්රිකයෙක් වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.





