අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ ඊයේ (04) උදෑසන වෙඩිතබා සිදුකළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව ඊයේ දිනයේ සිදුකරන ලද එම ඝාතනය පසුගිය පළාත් පාලන මැතිවරණයට කලින් දින මීටියාගොඩ හෝටලයක් තුළදී මීටියාගොඩ ‘මහදුර නලින්’ සහ තවත් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මීටියාගොඩ මහාදුර නලින් ඝාතනයට කරන්දෙණිය සුද්දා පාර්ශ්වයට චෝදනා එල්ලවී තිබුණු අතර ඊයේ දිනයේ ඝාතනයට ලක්වූ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි වරුෂවිතාන මිරන්ත නම් 54 හැවිරිදි ව්‍යාපාරිකයා කරන්දෙණිය සුද්දාගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා බව සඳහන්.
ඝාතනය වූ වරුෂවිතාන මිරන්ත නැමැත්තා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට ලැයිස්තුවෙන් ඉදිරිපත් වී ඇත.
කෙසේවෙතත් ඝාතනය වූ තැනැත්තාට කිසිදු අපරාධමය චෝදනාවක් හෝ පොලිස් පැමිණිල්ලක් හෝ නොමැති බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව එම ඝාතනය සැබෑ ලෙසම පළිගැනීමක් ලෙස සිදුකර ඇති බවට පොලීසිය පෙන්වා දෙයි.
ඝාතනයට අදාළව පුද්ගලයෙක් CCTV දර්ශන මඟින් හඳුනා ගෙන ඇති බවද සඳහන්.
අම්බලන්ගොඩ මෝදර මහා දේවාල කමිටුවේ සභාපති ලෙස සහ අම්බලන්ගොඩ ධීවර වරාය කළමනාකරණ කමිටුවේ උප සභාපති, අම්බලන්ගොඩ ග්‍රාමීය ධීවර සංවිධානයේ ලේකම්, අම්බලන්ගොඩ හිරේවත්ත සමූපකාර ධීවර සමිතියේ ලේකම් ලෙසද ඝාතනය ව්‍ය වරුෂවිතාන මිරන්ත කටයුතු කර තිබේ.





