වෙනිසියුලාවට බෝම්බ හෙළීමෙන් සහ ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ඇමරිකානු ගැති නායකත්වයකට බලයේ “සංක්‍රාන්තියක්” සිදුවන තුරු ඇමරිකා එක්සත් ජනපද රජය “රට පාලනය කිරීමට යන” බවයි. “ඉතා විශාල” ඇමරිකානු සමාගම් එහි තෙල් සූරාකනු ඇතැයි ඔහු පුරසාරම් දෙඩුවේය.
වෙනිසියුලාවට එල්ල කරන ඇමරිකානු එක්සත් ජනපද ප්‍රහාරය එහි බිඳවැටෙන ආධිපත්‍යයේ නටබුන් ආරක්ෂා කරගැනීමේ උත්සාහයකි. ඇමරිකානු මිලිටරි බලය අඩුවෙමින් ඇමරිකානු ඩොලරය බිඳ වැටෙන විට, බලපෑම් ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීමේ වල්මත් උත්සාහයක යෙදී සිටිමින්, වොෂින්ටනය දකුණු ඇමරිකාවේ ආක්‍රමණශීලීව ක්‍රියාකිරීම ස්වාභාවිකය. ට්‍රම්ප්ට ඇමරිකානු කොංග්‍රසයෙන් මීට අවසරයක් ලැබී නැත. ඇමරිකානු ජනතාවගේ සහයෝගයක්ද නැත. මෙය ඇමරිකාව ආරම්භ කරන ලද තෙල් කොල්ලකෑම සහ අධිරාජ්‍ය ගැති පාලනය සඳහා තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් පමණි.
ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ‘තවත් යුද්ධ එපා’ යන කයිවාරු පොරොන්දුවෙන් පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහිව පාලනතන්ත්‍ර වෙනස්කිරීමේ මෙහෙයුම ආරම්භ කලේය. ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපය යුද කලාපයක් බවට පත්කරන බවත්, දැන් එම බියජනක භීෂණය යථාර්ථයක් බවත් රාජ්‍ය ලේකම් ලෙස මාර්කෝ රුබියෝගේ කතාවලින් අනතුරු ඇඟවූයේය.
මෙය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි යුද්ධයක් ප්‍රකාශ කළත්, එය සත්‍යයක් නොවේ. එය ඉරාක යුද්ධය සඳහා හිටපු ජනාධිපති බුෂ් පාලනයේ WMD සාධාරණීකරණයට වඩා හාස්‍යජනක ප්‍රකාශයකි. ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ හෝ ජාවාරමේ වෙනිසියුලාව කිසිදු කාර්යයක් ඉටු නොකරයි. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයට (UNODC) අනුව, වෙනිසියුලාව කොකේන් නිෂ්පාදනය කරන රටක් නොවේ.
මාර්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකානු එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයේ පිටු හතරේ (DEA) වාර්ෂික වාර්තාවකද කොකේන් ජාවාරම සඳහා කැප වූ වෙනිසියුලාව ගැන සඳහන් කර නොමැති අතර ඒ වෙනුවට ඉක්වදෝරය, මධ්‍යම ඇමරිකාව සහ මෙක්සිකෝව උපුටා දක්වා ඇත. පිස්සුව නම්, බුෂ් පරිපාලනය ඔවුන්ගේ සාපරාධී ඉරාක ආක්‍රමණයට කඩතුරාවක් ලෙස WMD බොරු නිෂ්පාදනය කිරීමට මාස ගණනක් ගත කළත්, ට්‍රම්ප් සහ ඔහුගේ මාෆියා කල්ලිය මෙම යුද්ධය වෙනිසියුලාවේ තෙල් සොරකම් කිරීමට බව විවෘතව පිළිගැනීමයි.
එබැවින්, මෙය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ගෙන ඒම සඳහා වන පාලනතන්ත්‍ර මාරුකිරීමේ යුද්ධයක් ද නොවේ. ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් නැත. වැදගත් වන්නේ ඇමරිකානු සමාගම්වල ලාභය සඳහා ලතින් ඇමරිකාවේ ස්වභාවික සම්පත් අල්ලාගැනීමේ ආධිපත්‍යය දැරීමයි. පෘථිවියේ විශාලතම තෙල් සංචිත වෙනිසියුලාවට ඇති අතර, ඇමරිකානු අධිරාජ්‍යයේ කෑදර ගිජුලිහිණියන් ජාතීන්ගේ ස්වාභාවික සම්පත්, ධනය සොරකම් කිරීමේ අපේක්ෂාවෙන් බලා සිටීම දැකිය හැක.

වෙනිසියුලානු හිටපු නායක හියුගෝ චාවේස් පැවසූ සියල්ල නිවැරදි බව දැන් ඔප්පු වී ඇත. “ඇමරිකානු ජනාධිපතිවරයා කතාකරන්නේ, ඔහු ලෝකයේම අයිතිකාරයා මෙනි. ඔබ නාවික භටයින්, ආක්‍රමණ සහ බෝම්බ යොදාගෙන මොන ජාතියේ “ප්‍රජාතන්ත්‍රවාදයක්” පැනවූවත්, ලෝකයට එක් හඬින් කතාකළ හැකි නම්, මෙසේ කියනු ඇත: “යැංකි අධිරාජ්‍යවාදීනි, ගෙදර පලයන්!”
අපි වෙනිසියුලාවට හිරිහැර කිරීමේ දේශපාලනයට ඉඩ දෙන්නේ නම්, එම කලාපය යැංකිකරණය කිරීමට සහාය දෙන්නෙමු. ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට බෝම්බ හෙලන්නේ, ප්‍රකෝප නොකළ ප්‍රහාරයකිනි. ඉදිරි දින කිහිපය තුළ බොහෝ නිදහසට කරුණු ඉදිරිපත් කරනු ඇත; මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, හිස්බුල්ලා, හමාස්, ඉරානය සහ වෙනිසියුලාවේ “ක්‍රියාත්මක” අනෙකුත් අය වැනි දේවල් මීට ඇතුළත්වනු නොඅනුමානය. නොබෙල් සාම ත්‍යාගයෙන් තල්ලුවක් ලබන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය යනාදියද මීට ඇතුලත් විය.
වෙනිසියුලාවේ අගනුවර දැන් ඇමරිකානු ප්‍රහාරයට ලක්ව ඇත. වොෂින්ටනය වෙනිසියුලාවට එරෙහි දෙමුහුන් (හයිබ්‍රිඩ්) යුද්ධය තීව්‍ර කළේ කලකට පෙර සිටය. සම්බාධක, නීති විරෝධී ක්‍රියා, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් සහ මිලිටරි තර්ජන එකතු කරමින් දකුණු ඇමරිකානු රාජ්‍ය නැවත වරක් සිරස්තලවලට රැගෙනවිත් ඇත.
මේ මොහොත, කැරිබියානු ජාතියට එරෙහි වත්මන් ප්‍රහාරය ගෝලීය ධනවාදයේ අර්බුදය මධ්‍යයේ ඇමරිකානු ආධිපත්‍යය නැවත තහවුරු කිරීම සඳහාවූ පුළුල් අධිරාජ්‍ය උපාය මාර්ගයක කොටසක් බව තේරුම්ගත යුතුය. ඉරාකය, ලිබියාව, පලස්තීනය හෝ වියට්නාමය සමඟ සමාන්තරව බැලීමෙන්, බොලිවේරියානු විප්ලවය “හොඳ ආදර්ශයක තර්ජනය” නියෝජනය කරන්නේ කෙසේද?
ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය, ඔහු පෘථිවියේ ධනවත්ම මිනිසුන්ගෙන් වටව දිවුරුම් දී, ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ධුරය කිහිප දෙනෙකුගේ බලය සමඟ විවෘතව පෙළගස්වා ඇත. පළමු දිනයේ සිටම, මෙම පාලක පන්තිය දුප්පතුන් සහ වැඩකරන ජනතාව කිසිසේත් ගණන් නොගන්නා බව ඔහු පැහැදිලි කළේය. ඔබ යටත් විය යුතුය, නැතහොත් ඔබව ඉවත්කර දමනු ලැබේ.
මිලියන 30 ක් පමණ වන ජනගහනයක් සහිත වෙනිසියුලාව, ජයග්‍රාහකයා සියල්ල ලබාගැනීමේ ලෝක සම්මතයට වඩා වෙනස්විය. අපි එක් උදාහරණයක් ගනිමු: ඇමරිකා එක්සත් ජනපදය සම්බාධක මගින් සියල්ල අවහිර කිරීමට පෙර, වෙනිසියුලාව ප්‍රායෝගිකව සහස්‍ර ඉලක්ක සපුරාගෙන තිබුණි. එය එක්සත් ජාතීන් විසින්ද පිළිගත් කරුණකි. එබැවින් වෙනිසියුලාව ආදර්ශයක් බවට පත්විය. “ප්‍රජාතන්ත්‍රවාදියෙකු” යැයි කියාගත් ජනාධිපති ඔබාමා, වෙනිසියුලාව “අසාමාන්‍ය තර්ජනයක්” ලෙස ප්‍රකාශකළේ එබැවිනි. වෙනිසියුලාව, ඇමරිකානු එළිපත්තේ හොඳ ආදර්ශයක තර්ජනය නියෝජනය කළේය.
වර්තමාන මිලිටරි උත්සන්න කිරීම වෙනිසියුලාවට එරෙහිව පමණක් නොවේ. වොෂින්ටනය මුළු ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපය කෙරෙහි තම ආධිපත්‍යය නැවත තහවුරු කරගැනීම සඳහා ආක්‍රමණශීලීව ගමන්කරන බව පෙන්නුම් කිරීමකි. රැඩිකල්, ප්‍රගතිශීලී ආණ්ඩු ඇතුළුව ආණ්ඩු දණ ගැස්වීම වගේම බියගුලු ප්‍රගතිශීලී ආණ්ඩු බ්ලැක්මේල් කිරීමට ඇමරිකාව සමත්විය. ඔවුන් ලතින් ඇමරිකාව පුරා ඉතිහාසයේ සිදුවූ දේ පවා අමතක කරති. අද, සූරාකෑමට, මහජන සේවාවන් ආරක්ෂා කිරීම යනාදියට එරෙහිව මිනිසුන් නැගී සිටින සෑම අවස්ථාවකම ඔවුන්ට එම පැරණි බ්ලැක්මේල් කිරීම සෘජුවම එල්ලවේ. “අරගල” ඉතිහාසයෙන් ඈත්කර ඇත. සමාජවාදය ඒකාධිපතිත්වයට සමාන පදයක් බවට පත්කර ඇති අතර, ලතින් ඇමරිකාවේ සෑම ප්‍රගතිශීලී අපේක්ෂකයෙකුටම “ඒකාධිපති මධුරෝ” අත්හැරීමට බලකර ඇත. වාමාංශික චිලිය හොඳම උදාහරණයයි.
වොෂින්ටනය, ලතින් ඇමරිකානු කලාපය තුළ සිය හමුදා පැවැත්ම නැවත ගොඩනඟමින් සිටී. හොන්දුරාස්, ඉක්වදෝරය, ආර්ජන්ටිනාව සහ අනෙකුත් රටවල් නැවතත් ඇමරිකානු කඳවුරු සඳහා සත්කාරකත්වය සපයයි. බහුජාතික සමාගම්වල සහාය ඇතිව ගයනාව වෙනිසියුලාවේ තෙල් සම්පත අත්පත් කරගැනීමට යොදාගෙන ඇත. ඉලක්කය වන්නේ වෙනිසියුලාවේ 1958-1999 පාලන කාලයේ කොන්දේසි වලට නැවත පැමිණීමයි. එය සම්පූර්ණ යටත්කිරීමේ කොන්දේසි විය.
අධිරාජ්‍යවාදය ඊට ප්‍රතිචාර දැක්වූයේ, යුද්ධ සඳහා රසායනාගාරයක් බවට වෙනිසියුලාව පත්කිරීමෙනි. එයට නවීන ප්‍රචාරක යුද්ධයක් ඇතුලත් කලේය. වෙනිසියුලාව සහ කියුබාව විඳදරාගන්නා දේ සමහර දෙනෙක් විස්තර කර ඇත්තේ “ආදර්ශමත් දඬුවමක්” ලෙසයි. එක්සත් ජනපදය ජනාධිපති මධුරෝගේ හිසට ඩොලර් මිලියන 50 ක ත්‍යාගයක් නියමකර තිබුණේ එනිසාය. ඒ ආකාරයට ඇමරිකානු අධිරාජ්‍යය විසින් සම්පූර්ණ යටත්වීමක් ඉල්ලා සිටියේය.
මෙම සන්දර්භය තුළ, වෙනිසියුලාව අධිරාජ්‍යවාදයට ඉවසිය නොහැකි තත්වයකට පත්විය. මධුරෝ යනු කම්කරුවෙක්. චීනයේ සහ රුසියාවේ මිත්‍ර පාක්ෂිකයෙකු වන අතිවිශාල තෙල් සහ රන් සංචිත ඇති රටක් මෙහෙයවන කම්කරු පන්තියේ ජනාධිපතිවරයෙකුට වඩා ඔහුගේ විශාල වරදක් තවත් තිබේද? අධිරාජ්‍යවාදයට නම් එය සමාව දිය නොහැකි දෙයකි.
අතීත යුද්ධ සමඟ සමානකම් තිබෙන නමුත්, ඇමරිකානු එක්සත් ජනපදය තමන්ගේම පරාජයන්ගෙන්, විශේෂයෙන් වියට්නාමයෙන් සහ පසුව ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේ පරාජයෙන් ද ඉගෙනගෙන ඇත. වෙනිසියුලාව අත්පත් කරගැනීම එහි සොහොන්බිම බවට පත්වන බව වොෂින්ටනය තේරුම්ගෙන තිබුණි. ඔවුන් කළේ, ප්‍රසිද්ධ සූත්‍රයක් අනුගමනය කිරීමයි. විශාල තෙල් සංචිත සහිත රටක් වන ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර වොෂින්ටනය කුරිරු සම්බාධක පැනවූ අතර, මහා විනාශකාරී අවි (WMD) පිළිබඳ කතාවක් ගොතන ලදුව, ගුවන් තහනම් කලාපයක් පැනවීය. අද වන විට, WMD වෙනුවට, වෙනිසියුලාවට “මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය” සම්බන්ධයෙන් චෝදනා එල්ලකර ඇති අතර, නිල ගුවන් තහනම් කලාපයක් නොමැති වුවද, ට්‍රම්ප් වෙනිසියුලාවේ ගුවන් සීමාව “සම්පූර්ණයෙන්ම වසා දමා ඇත” යනුවෙන් ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ බොහෝ ගුවන් සමාගම් මෙහි මෙහෙයුම් නවතා දැමීමයි.

මේ දක්වා, එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව වෙනත් ආකාරයේ ආක්‍රමණශීලීත්වයන්ට කැමැත්තක් දක්වා ඇත්තේ එබැවිනි. ආර්ථික යුද්ධය, ප්‍රතියුක්ත ක්‍රියාකාරීන්, කුලී හේවායන් සහ නව තාක්ෂණික මෙවලම් යෙදවීම යොදාගත්හ. අද වන විට විනාශය සිදුකරනු ලබන්නේ කෘතිම බුද්ධිය ඇතුළු ඉහළ තාක්‍ෂණික ක්‍රම හරහා ය. වොෂින්ටනය, මහජන මතය ආක්‍රමණශීලීත්වය සඳහා සකස්කිරීමට, මධුරෝගේ ප්‍රතිරූපය විකෘති කරමින් වසර ගණනාවක් ගතකර ඇත. සදාම් හුසේන් සහ ගඩාෆි සම්බන්ධයෙන් මෙන්, ඉලක්කය වන්නේ ඔහුව බියට පත්කරන වස්තුවක් බවට පත්කිරීමයි, එවිට අවසානයේ “අඩුම තරමින් ඔවුන් ඒකාධිපතියා ඉවත්කළා” යන සිතුවිල්ලෙන් මැදිහත්වීම ජනතාවට පිළිගැන්වීමයි.
ඝාතන සහ මිනිසුන් පණපිටින් පුළුස්සා දැමීම, විදුලිබල පද්ධති කඩාකප්පල් කිරීම, කුමන්ත්‍රණ සහ ඝාතන උත්සාහයන් සහ ජනතාවට එරෙහි සම්පූර්ණ ආර්ථික යුද්ධයක් ඇතුළත් ෆැසිස්ට් ජාතියේ විනාශයක් වෙනිසියුලාවේදී අප දැක ඇත්තෙමු. 2014 – 2017 ඒ අර්බුදයෙන් මධුරෝ හිරකිරීම සඳහා ඇමරිකාව සමඟ යුරෝපා සංගමය හා උතුරු ඇමරිකානු රටවල් එක්විය. වෙනිසියුලානු රජය සාර්ථකව පෙරලා දැමීම හැර අන් සියල්ලටම ඔවුන් මුහුණ දී තිබේ. වෙනිසියුලාවේ වත්කම් අත්පත් කරගැනීම සඳහා වූ මංකොල්ලයේදී, ඔවුන් “නීතිමය” යුද්ධයක් ලෙස නීතිය පවා භාවිතාකර ඇත. කෙසේ වෙතත්, වෙනිසියුලාවේ, නීතිය වාමාංශිකයින් බලයෙන් ඉවත්කිරීමට සමත් වූයේ නැත.
වෙනිසියුලානු ජාතිකයන් දිනපතාම යුද්ධයක ජීවත්ව සිටිති. ජලය නොමැති නිසා, මූලික ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පැය ගණන් පෝලිම් ගැසීම සහ වසර ගණනාවක් තිස්සේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයන් විඳදරාගත් කාන්තාවන් ප්‍රධාන ඉලක්ක විය. එය කිසිවෙකුට පුදුමයක් නොවීය. වෙනිසියුලාව තමන් මුහුණ දෙන ආර්ථික යුද්ධයට නිර්මාණශීලීත්වයෙන් ප්‍රතිචාර දැක්වීය. සහල් හෝ කෝපි මගින් ආරක්ෂිතව විකල්ප මුදල් වර්ග, ප්‍රජා මුලපිරීම්, සාමූහික විසඳුම් මගින්, හුස්ම හිරකරන සම්බාධකවලට මුහුණ දෙමින් වෙනිසියුලාව දැන් තමන්ගේම ආහාර වලින් 90% ක් සපයා ගනී. එහි මිනිසුන් පවසන පරිදි, ඔවුන් අපව දොරෙන් එළියට තල්ලු කළහොත්, අපි ජනේලයෙන් ආපසු එන්නෙමු යන අධිෂ්ඨානය ඔවුන්ට ඇත.
එම පරිවර්තනය දේශපාලනික විය. විප්ලවය කළ හැකිදේ පිළිබඳ ප්‍රබල සලකුණකි. අධිරාජ්‍යවාදයට සැඟවීමට අවශ්‍ය දේවල් මේවාය. වෙනිසියුලාව තවමත් රැඳී සිටීමට හේතුද මේවාය. වෙනිසියුලාවේ නැවත ඉපදුණු වියට්නාම ජනතාවගේ ජීවය අපට අත්විඳිමට හැකිවනු ඇත.
යටත් වීම ප්‍රතික්ෂේප කරන ඕනෑම රටකට එරෙහිව යුද්ධයේ ප්‍රකාශකිරීම සහ විනාශය ගෙනදීමේ මෙම නිර්ලජ්ජිත විදේශ ප්‍රතිපත්තිය සඳහා ඇමරිකානු එක්සත් ජනපදයට දඬුවම් නොකළහොත්, BRICS රටවල් ඊළඟ පෝලිමේ සිටිනු ඇත.
මෙය අධිරාජ්‍ය විරෝධී හඬක් ඉවත්කිරීමට කළ දඬුවමකි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භීෂණය නිරන්තරයෙන් හෙළා දැකීම නිසා මධුරෝ ඇමරිකාවේ වෛරයට පාත්‍රවිය. බොලිවේරියානු විප්ලවය විනාශ කිරීමේ දශකයකට වඩා පැරණි ව්‍යාපාරයේ කූටප්‍රාප්තියට පැමිණෙමින් තිබේ. ඇමරිකානු සම්බාධක වෙනිසියුලාවේ ආර්ථිකය අඩපණ කළ අතර මිලියන ගණනක් වෙනිසියුලානු ජනතාව දරිද්‍රතාවයට ඇද දැමීය. දැන් වොෂින්ටනය රට ඝාතනය කිරීම සඳහා ගමන් කරමින් සිටී.
ලතින් ඇමරිකාවේ ආර්ථික යුක්තිය සහ ස්වෛරීභාවය සොයන ඕනෑම රජයක් ප්‍රසිද්ධියේ හෝ රහසිගතව විනාශ කරන ලදී. වෙනිසියුලාව දැන් එම දිගු උදාහරණ ලැයිස්තුවේ එක් කොටසක් පමණි.
ලෝකයෙන් අඩක් පුළුස්සා දැමූ තක්කඩි ත්‍රස්තවාදී රාජ්‍යයකට දණගැසීම ප්‍රතික්ෂේප කරන සහ තවමත් තමන් ශිෂ්ට සම්පන්න යැයි කියා ගැනීමට එඩිතරවන සෑම ජාතියක්ම දිගු කල් දිනේවා!

ජයන්ත වැලිවිට
(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)






It is timely to point out that US
Violation of international law and the future danger
Excellent analysis.. America’s dictator foreign policy has been eloquently described. Thanks for this work!