/ May 31, 2025

ඇමරිකානු තීරු බදු: ට්‍රම්ප්ට යළි දිනුමක්

donald trump

ඇමරිකානු වාණිජ අධිකරණයක් විසින් අත්හිටුවනු ලැබූ ට්‍රම්ප් පරිපාලනය විසින් ලොව රටවල් ගණනාවකට පනවනු ලැබූ තීරු බදු නැවත බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණය ඊයේ (29) අවසර දී තිබේ.

වාණිජ අධිකරණය මගින් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ එක්සත් ජනපද ව්‍යවස්ථාව මගින් කොංග්‍රස් මණ්ඩලයට අනෙකුත් රටවල් සමඟ වාණිජ කටයුතු නියාමනයට සුවිශේෂී බලයක් ලබා දී ඇති බව සඳහන් කරමිනි.

කෙසේ වෙතත් ට්‍රම්ප් ජනපති මෙම තීන්දුව විවේචනය කර තිබු අතර තීන්දුවෙන් සුළු වේලාවක් ඇතුළත ෆෙඩරල් අභියාචානාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර මෙම තීන්දුව ලබාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top