අද (23) අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ ඇගේ පෙම්වතා බව කියන අයෙකු සිය දිවි නසාගෙන තිබේ.
මොනරාගල පදිංචි අයෙකු වන මෙම තරුණයා යතුරුපැදියකින් පැමිණ, තරුණියගේ ගෙල කපා ඝාතනය කර තමන්ගේ ගෙලද කපාගෙන මියගොස් ඇතැයි පැවසේ. ගැටුමේදී තරුණියගේ මවට සහ පියාටද තුවාල සිදුව ඇත.
කෙසේවෙතත් තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටී.
ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියකි.