/ Feb 14, 2026

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්

අද (16) අලුයම් කාලයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කතක් මරුමුවට පත්ව තවත් සය දෙනෙක් තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලටත්, ළමුන් තිදෙනෙකු කළුබෝවිල රෝහලටත් ඇතුළත් කර ඇති අතර හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් ඇත. ඇය 35 වියැති අයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top