නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි ලිට්රෝ ගෑස් සමාගම දැනුම් දෙන්නේ.
ඒ අනුව, නොවැම්බර් මාසය සඳහා ද දැනට පවතින ගෑස් මිල ගණන් ඒ ආකාරයෙන්ම වලංගු වන අතර කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක මිලකට අලෙවි කරනු ලබයි.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කට සහ කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815ක මිලකට අලෙවි කරනු ඇති.





