/ Jun 23, 2025

කොළඹින් ගාලු ගිය පවුලකට කෑම කන්න ගිය හෝටලෙන් එළව එළවා ගුටි දීලා!

An attack on a hotel

පෙරේදා (අප්‍රේල් 16) රාත්‍රියේ ගාල්ල කොටුවේ අවන්හලක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. මෙම අවහන්හල ගාලු කොටුවේ පවත්වාගෙන යන අවන්හලක් බව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල සටහන් කර තිබේ.

ගාල්ල පොලිසියට අනුව, ආහාර සම්බන්ධයෙන් පාරිභෝගිකයින් පිරිසක් සහ අවන්හල් කාර්ය මණ්ඩලය අතර ඇති වූ උණුසුම් බහින්බස්වීමක් රාත්‍රී 11:30 ට පමණ ගුටිබැට සහිත ආරවුලක් දක්වා වර්ධනය වී තිබේ. දෙපාර්ශ්වයම පහරදීම් සිදු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හය දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් අතර කොළඹ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සිටින අතර, ඒ අතර 28 හැවිරිදි පුද්ගලයෙකු, 17 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි පිරිමි ළමයෙකු ද වෙති. තුවාල ලැබූ අනෙක් තිදෙනා අවන්හලේ සේවකයින් ලෙස හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වන බවත්, ඊට සම්බන්ධ බවට සැලකෙන අවන්හලේ පුද්ගලයින් හය දෙනෙකු හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසීය. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top