ඊයේ (19) රාත්‍රී කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට ගිනි අවියක් රැගෙන ඇතුළු වීමට පැමිණි දෙදෙනෙකුගේ උත්සාහය එහි ආරක්ෂකයන් විසින් ව්‍යර්ථ කර දමා තිබේ.
මෙම වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ භාරත ලක්ෂමන් ඝාතනයේ වැරදිකරුවකු වන දෙමටගොඩ චමින්දගේ සොයුරා වන දෙමටගොඩ රුවන් යන අයයි. මෙම සමාජ ශාලාව රුවන් යන අයටම අයත් එකක් බව පැවසෙන අතර ඔහු නිතර එහි පැමිණෙන බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්, ඊයේ දිනයේ ඔහුගේ පැමිණීම ප්‍රමාද වී තිබුණු බවද සඳහන්.
වෙඩික්කරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණ, රුවන් පැමිණ ඇත්දැයි බැලීමට ගිය විට සැක සිතී ආරක්ෂකයන් ඔවුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබේ. එහිදී වෙඩික්කරුවන් ගිනි අවියද, යතුරුපැදියද එහි දමා පලා ගොස් ඇත.
ගිනි අවිය ටී 56 වර්ගයේ එකක් බව අනාවරණය වී ඇත. දෙමටගොඩ රුවන් යන අයට සහ ඔහුගේ බිරිඳට අනීතික ලෙස උපයාගත් මුදලින් කෝටි ගණනක වත්කම් මිලට ගත් බවට වන නඩුවක්ද ක්‍රියාත්මක වේ.