රුහුණු මහා කතරගම දේවාලයේ සේප්පුවල දැනට ගබඩා කර ඇති රන් භාණ්ඩවලින් 70%ක් ක් පමණ වෙන්දේසි කර ඉන් ලැබෙන ආදායම ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කිරීමට බස්නායක නිලමේ තිළිණ මධුසංක තීරණය කර තිබේ.
දේව රූප සහිත රන් භාණ්ඩ හැර අනෙක් රන් භාණ්ඩ විනිවිදභාවය සහ නිසි තක්සේරුව සහතික කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) අධීක්ෂණය යටතේ වෙන්දේසිය පැවැත්වීමට අපේක්ෂා කරයි.
මෑත වසරවලදී බැතිමතුන් විසින් පරිත්‍යාග කරන ලද රත්තරන් විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා රජයට භාර දෙන බව ද බස්නායක නිලමේවරයා සඳහන් කරයි.
මෙම කාර්ය සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති අතර වසර 2000ක් පැරණි රත්‍රන් වෙන්දේසි කරන බවට ප්‍රචාරය වන පුවත අසත්‍ය බවත් බස්නායක නිලමේ පවසයි.





