ඉන්ධන QR කේතය ලබාගැනීමේ දී අපහසුතාවයට පත්ව සිටින පිරිසට අද (19) දිනය තුළ විසඳුම් ලබාගත හැකි වනු ඇති අතර, හෙට (20) දිනය වනවිට ඒ සම්බන්ධයෙන් ගැටලු සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අද (20) පාර්ලිමෙන්තුවේදී පැවසුවේය.
ඇතැම් දිස්ත්‍රික්කවල සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය මෙන් දෙගුණයක් වාර්තා වී ඇති බවය.
පරණ වාහනයක් හිමි අලුත් දුරකථන අංකයක් ඇති පිරිසට සහ දුරකථන අංකය පරණ අලුත් වාහනයක් තිබෙන පිරිසට තවමත් QR කේතය ලබාගැනීමට නොහැකිව ඇති බවත් එම පිරිසට ඇති බාධාව අද දිනයේ විසඳිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පරණ වාහනයක් සහ පරණ දුරකථන අංකයක් හිමි පිරිසට මෙන්ම අලුත් වාහනයක් සහ අලුත් දුරකථන අංකයන් ඇති පිරිසට ගැටලු මතුව නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේය.
2023 වසරේ දී QR යටතේ පුද්ගලයින් ලක්ෂ 70ක් පමණ ලියාපදිංචි වී ඇති අතර මේ වසරේ දී එම ප්‍රමාණය ලක්ෂ 72ක් පමණ වෙනු ඇතැයි අපේක්ෂා කරයි.
“සමහර ෂෙඩ් තියෙනවා සාමාන්‍ය අලෙවිය වගේ දෙකහමාර ගුණයක් අලෙවි කරනවා. එච්චර පහසුකම් නෑ ෂෙඩ්වලට ගබඩා කරන්නත් එච්චර පහසුකම් නෑ තෙල් බවුසර්වලට ගෙනිහින් දෙන්නත් ඒ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා තමන් විසින් පීඩාවට පත්වෙන්න එපා. දැන් මේ QR කේතය ආවට පස්සේ මම හිතනවා, මේ ප්රශ්නය හෙට උදේ ඉඳලා සම්පූර්ණයෙන් විසඳෙයි කියලා. අපි ඔත්තේ ඉරට්ටේ ක්‍රමය හඳුන්වා දුන්නෙත් මේ අනවශ්‍ය පීඩනය නිසා. එහෙම නැත්නම් QR එකට මේක මැනේජ් කරන්න පුළුවන්. ඔත්තේ ඉරට්ටේ දෙද්දි නම්බර් ප්ලේට් නිකුත් කරපු වාහන ප්‍රමාණයක් තියෙනවා ටෙන්ඩර් මඟඩි නිසා කලින් කාලවල වෙච්චි. නම්බර් ප්ලේට් නැති අයට තෙල් ගහගහන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන් සතුව තියෙනවා වාහනයේ ආදායම් බලපත්‍රය, දුම් සහතිකය, වාහනයේ පොත සහ ඉන්ෂුවරන්ස් එක. මේ 4ම තියෙනවා වාහනේ අංකය. මේ හතරම උස්සන් යන්න ඔ්නේ නෑ. ඒ එකක් තිබුණහම තෙල් ගහගන්න පුළුවන්. හෙටින් පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ, වංචනික කටයුතු කරන අය ගැන කටයුතු කරාවී අදාළ අමාත්‍යාංශය.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.





