/ Jan 23, 2026

රැකියා වෙළෙඳපොළ නව්‍යකරණය ගැන අදහසක්!

ග්‍රාමීය සංවර්ධන, සමජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතන, ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථාන, පූර්ව වෘත්තීය කුසලතා මධ්‍යස්ථාන හා ළමා රැකවරණ මධ්‍යස්ථාන වල ස්ථාන භාර නිළධාරින් සමඟ ප්‍රගති සමාලෝචන හමුවක් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) දින පෙරවරුවේ සමාජ සේවා දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා පැවැත්වෙන වෘත්තිය පුහුණු පාඨමාලා වර්තමාන රැකියා වෙළඳ පොළට ගැළපෙන ආකාරයට පරිවර්තනය විය යුතු බවත්, ඒ සඳහා සියළු භෞතික සම්පත් ද නවීකරණය විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. නිළධාරීන්ගේ කැපවීම මත මෙම ආයතනයන්ගේ අරමුණු හා ඉලක්ක ජයගත හැකි බව ද වැඩි දුරටත් එතුමා සඳහන් කරන ලදි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ වෘත්තීය පුහුණු ආයතන 13ක්, ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථාන 2ක් හා රැකවරණ මධ්‍යස්ථාන 3ක් ක්‍රියාත්මක වෙයි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා දර්ශනී කරුණාරත්න ඇතුළු දෙපාර්තමේන්තු නිළධාරීහු එකව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top