ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පවත්වනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි වී සිටියහ
මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ නව අගවිනිසුරුවරයා, මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.
නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම වේගවත් කරන බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.