/ Jun 21, 2025

ජීව උණ්ඩයක් සමඟ ඉන්දීය ගුවන් මගියෙකු ගුවන්තොටේ දී කොටුවෙයි

ජීව උණඩයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ආ ඉන්දීය ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන 30 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙක් බව සඳහන්.

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂා කිරීමේ දී ( Scan Test) , ඔහුගේ ගමන් මල්ලේ කුඩා පෙට්ටියක් තුළ අසුරා, සගවා ගෙන මෙම ජීව උණඩය සොයාගෙන ඇත.

මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව, පොලීස් නිලධාරීන් පිරිසක් පැමිණ, මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන ඇති අතර

අදාළ සැකකරුගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී පවසා ඇත්තේ, තමන් කුවේට් රාජ්‍යයේ විවෘත තණ පිටියක් පිරිසිදු කරමින් සිටියදී මෙම ජීව උණඩය හමු වූ බවයි.

අත්අඩංගුවට ගත් එම ඉන්දියානු ජාතික ගුවන් මගියා අද (21)මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top