/ Jun 14, 2025

හිරගෙදර සමහර ලොක්කෝ කෝටිපතියෝ වෙලා: සියලු අලගිය මුලගිය තැන් අවුස්සයි!

තම ආදායම් මාර්ගවලට නොසෑහෙන තරම් කෝටි ගණනක වත්කම් ඇති සමහර බන්ධනාගාර ප්‍රධානීන් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි පැවසේ. මෙම පිරිස ගණනින් 15ක් පමණ දෙනෙකු බවද වාර්තා වේ. සියලු බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස විවිධ පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව බන්ධානාගාර නිලධාරීන් සතු බැංකු ගිණුම් යානවාහන සහ ඉඩකඩම් ආදී සියලු වත්කම් ගැන සොයා බැලෙනු ඇත.

මෙම ප්‍රධානීන් රජයට ඉදිරිපත් කරන ලද ආදායම් වාර්තාවලට වඩා වැඩි දේපලක් ඔවුන් පරිහරණය කරන්නේ නම් අධිකරණයට කරුණු දැක්වීමට ඔවුනට සිදුවනු ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන් හා එක්වී වරප්‍රසාද සහ වරදාන ලබාගත් බන්ධනගාර ප්‍රධානීන් ගැනද සොයා බැලෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුවනු ඇතැයි සඳහන්. එයට ඉහළ පුටු මාරුවක්ද, දිගු කාලයක් එකම ස්ථානයේ සේවය කළ අයට ස්ථාන මාරුද ලැබෙනු ඇති. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top