ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) රැදවුම් නියෝග ලබා දී තිබේ.
ඒ අනුව එම සැකකරුවන් පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අවසර ලබා දී ඇත්තේ.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණි.
එහිදී මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නොමැති බවත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.
ඒ අතර මෙම සැකකරුවන් අතර සිටි මොහොමඩ් ශෆ්නි නැමැති සැකකරු තමන්ට ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙන බව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෙසු සැකකරුවන් තිදෙනා හෙට (29) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.