රජයේ ඉඩමක් කූඨ ලේඛන සකසා විකිණීමක් සම්බන්ධ නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් පස් දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
මැයි මස 26 දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝගය ලබා දී ඇත්තේ.