/ Jul 31, 2025

අනියම් පෙමක පැටලුණු මස්සිනාට අමතක නොවන පාඩමක් ; යතුරුපැදිය ගිනිබත් වෙයි – තත්ත්වය බරපතලයි

අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයෙකුට කපාකොටා තුවාල සිදුකර ඔහුගේ යතුරුපැදිය ද ගිනි තබා විනාශ කර තිබේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලිසිය වෙත භාර වී ඇත.

තුවාල ලැබූ පුද්ගලයා හැටන්, කොටගල ප්‍රදේශයේ කාන්තාවක් සමග මීට වසර පහකට පමණ පෙර නීත්‍යානුකූලව විවාහ වී සිට ඇති අතර ඒ අතරවාරයේ ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.

නීත්‍යානුකූල බිරිඳ ඊට විරුද්ධ වූ අවස්ථාවක දී අදාළ පුද්ගලයා අලවංගුවකින් ඇයගේ හිසට පහර දී තුවාල සිදුකර තිබුණි.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු පහර කෑ පුද්ගලයා සහ ඔහුගේ නීත්‍යානුකූල බිරිද, ඇයගේ පවුලේ සාමාජිකයන් දිඹුලපතන පොලිසිය වෙත කැඳවා සමථයට පත් කර ඇතැයි වාර්තා වේ.

එහිදී සැමියා විසින් සිය බිරිද සමග සමගියෙන් සිටින බවට ද පොලීසියේ දී පොරොන්දු වී ඇත.

එවන් පසුබිමක් මත අදාළ පුද්ගලයා සිය අනියම් බිරිද සමග හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ දී සෙල්ෆි ඡායාරූපයක් ගිනිමින් සිටියදී නීත්‍යානුකූල බිරිඳගේ සහෝදරයන් දැක ඔහුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබේ.

එමෙන්ම මාමණ්ඩිය විසින් ඔහුට ලබාදුන් යතුරුපැදිය ද ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහලවෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (18) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top