/ Jun 25, 2025

දියඹේ පාවී වෙරළට ආ නාඳුනන වස්තුව ; කුමක්දැයි තවමත් සැකයි

මොරටුව – කොරළවැල්ල ශ්‍රමදාන මාවත ප්‍රදේශයේ වෙරළ තීරයට මුහුදේ පාවෙමින් තිබූ නාඳුනන වස්තුවක් ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් ගොඩබිමට රැගෙන විත් තිබේ.

මෙම වස්තුව නාවික කටයුතු සඳහා භාවිත කරන බෝයාවක් යැයි සැක කරන බව පොලිසිය පවසයි.

මෙය දත්ත රැස් කිරීම සඳහා භාවිතා කරන සාගර විද්‍යාත්මක හෝ කාලගුණ විද්‍යා බෝයා වර්ගයක් ලෙස නිරීක්ෂණය වන බව ද පැවසේ.

කිසියම් උපකරණයකට සවිකර තිබී ගැලවී යාමෙන් අනතුරුව මුහුදේ පාවෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

කෙසේ වෙතත් අදාළ වස්තුව සම්බන්ධයෙන් මේ වන විට නාවික හමුදාව ද දැනුවත් කර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top