/ Jun 01, 2025

ජවිපෙ 60ක් වූ දා තමන්ගේ බලය ගැන ජනපතිගෙන් පෙර නොවූ විරූ ප්‍රකාශයක්!

An unprecedented statement from the President about his power!

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර දිනය ඊයේ (14) විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී උත්සවාකාරීව පැවැත්වුණි. සමාජික-සමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූ මේ අවස්ථාවේ සභාව ඇමැතූ ජනපතිවරයා කළ කතාව මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ඔහු එහිදී විපක්ෂ බලවේගවලට දැඩි ස්වරයෙන් ආමන්ත්‍රණය කළේ ය. ජනවරම ඇත්තේ තමන්ට බවත්, එයට එරෙහිව යන්නේ නම් තමන්ගේ බලය පෙන්වන බවත් එම කතාවේ සාරය විය.

ජනපතිවරයා කළ ප්‍රකාශයෙන් කොටසක් පහතින්,

“අපිට ජනාධිපතිවරණයට උඩින් බලයක්, අපිට පාර්ලිමේන්තු උඩින් බලයත්, දැන් අපිට මේ ජුනි 2න් පස්සෙ ලැබෙනවා ගමේ බලය. අපි සභා 152ක් ආරම්භයේදීම පිහිටුවනවා. ඉතුරු 115 පිහිටුවන දවසෙ පිහිටුවනවා. මතක තියාගන්න ජනවරම කියන එක හොඳට තේරුම් ගන්න ඕන. යම් සභාවක ඒ නගර සභාව භාර දෙන්න ඕන කියලා කල්පනා කරන්නෙ ව්‍යාපාර එකකට දෙකකට, අනික් අය ඔය එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කමක් නෑ කියල තෝරගන්න ව්‍යාපාර. කොළඹ නගර සභාව ගත්තොත් ඒකෙ තෝරගෙන තියනවා බලය කාටද දෙන්න ඕන කියලා. තවත් බලය ඉල්ලපු කණ්ඩායමක් ඒ ගොල්ලො පරාද කරලා තියනවා. තවත් එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කමක් නෑ කියලා හිතලා ඉන්න කට්ටියකුත් ඉන්නවා. කවදාවත් ඒ ගොල්ලන්ට බලය පිහිටුවීම සඳහා එක්කෙනෙක් දෙන්නෙක් දුන්නෑ. නිකන් සභාවේ රවුමක් ගහන්න කියලා දුන්නේ. සභාව පිහිටුවන්න පොර බදන්න දුන්නෙ එක-දෙක දෙන්නට. ඒ අය සභාව පිහිටවයි කියලා තමයි ඡන්දෙ දීලා තියන්නෙ.

දිනන හැම එකක්ම පිහිටුවීම ජනවරමෙ අපේ අයිතිය. ඒකට අකුල් හෙළන්න,බාධා කරන්න එනවා නම්.. බාධා කරන අකුල් හෙළන අයට කියන්න නීතිය ඕන තරම් ඉඩකඩ තියන බව මතක තියාගන්න. අපි හැමවෙලාමෙ ජනවරමට ගරු කරනවා. දැන් කට්ටිය කියනවා අපේ ජනවරම ශූන්‍ය වෙලාලු. මම ඒත් බැලුවා මේ පළාත් පාලන ඡන්දෙ පාර්ලිමේන්තු ඡන්දෙට ගණන් දාලා බැලුවා, ඒත් 122 ක් තියනවා. චන්ද්‍රිකා ආණ්ඩුව හදනකොට 106යි. එහෙනං එදා ආණ්ඩුව හදන්නත් බෑනෙ. 2001 රනිල් පාර්ලිමේන්තු ඡන්දෙ තියනකොට 105යි. ආණ්ඩුවක් හැදුවනෙ. 2004 සන්ධාන ආණ්ඩුව 106යි. 2015 රනිල්ගෙ ආණ්ඩුව මන්ත්‍රීධුර 102ක්ද කොහෙද. පළාත්පාලන ඡන්ද පාර්ලිමේන්තු ඡන්ද සංසන්දනය කරන්න බෑ. එහෙම සන්සන්දනය කළත් මේකෙන් අපිට පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බත් 122ක් තියනවා. කොහෙද ජනවරම අහෝසි වෙලා තියන්නෙ. මෙතන තමයි ජනවරම තියන්නෙ. ඒ නිසා ජනවරමට අනුව වැඩ කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒකට එරෙහිව කවුරුහරි කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය මේ ඔක්කොගෙන්ම අපි වැඩ කරන්න ලෑස්ති. හදලා පුළුවන් නම් මාස තුනක් හතරක් යන්න. ජනවරම තමා ගරු කරන්න අපි බැඳිලා ඉන්නෙ. දන්නවනෙ නීති මදි නම් තුනෙන් දෙකක් තියනවා හොඳේ. මේ සුන්බුන් එකතුවක් කොහොමද රටේ ජනවරමට අභියෝග කරන්නෙ? එහෙම අභියෝග කරනවා නම් අපි ආණ්ඩුව නෙවෙයි. මතක තියාගන්න. ඒ නිසා අපිට තියනවා, මොකක්ද හර්ද සාක්ෂියේ බලය. එඩිතරභාවයේ බලය, ව්‍යවහාරික බුද්ධියේ බලය.. ඊට අමතරව ව්‍යවස්ථාවේ බලය, පාර්ලිමේන්තුවේ බලය, අණපණත්වල බලය.. ඒ කියන්නෙ අපිට මේ අභියෝග ජයග්‍රහණය කළ හැකි ප්‍රබල බලයන්ගෙන් සමන්විතයි!!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top