තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් එය ලබා ගත හැකි ආකාරය දැනුම්දෙමින් වෙත තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබී ඇත්නම් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබා ගත හැකි බවයි.
තවද පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි මස 06 වැනිදා පස්වරු 4 දක්වා මෙම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.





