2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ මෙතෙක් පවත්වා නොමැති විෂයයන්ට අදාළව සියලුම උපකාරක පන්ති සහ ප්‍රචාරණ කටයුතු අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පවත්වනු ලබන උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම,අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම යනාදිය තහනම් කර තිබේ.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අයහපත් කාලගුණික තත්ත්වය මත පැවැත්වීමට නොහැකිව ඉතිරිව ඇති විෂයයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි මස 12 වන දින ආරම්භ වී 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362 කදී එම විභාග කටයුතු පැවැත්වෙයි.





