පොලීසිය විසින් ඊයේ දිනයේ දී (05) සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 746 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන අතර එම මෙහෙයුමට අදාළව උක්ත අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත.
මේ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 29,491 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර ඉන් සැකකරුවන් 746දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 23 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 224 දෙනෙකු ද විවෘත වරෙන්තුකරුවන් ගණන 163ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය නිවේදනය කරන්නේ.
මේ අතර බීමත් රියදුරන් 22 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 3929 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය තවදුරටත් දැනුම් දෙයි.




