කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් කඩිනමින් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.
මෙසේ අනතුරට ලක්වූ පිරිස රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.



