ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමතී කුමාරි සේනාධීර යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අද (5) අත්අඩංගුවට ගෙන ඇත.
එම සංස්ථාව යටතේ එවකට ක්‍රියාත්මක කර ඇති වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සවය කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරාගනිමින් ඒ වෙත වාසියක් සිදු කිරීම සහ එම උත්සව සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබයදී ඒ සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් වැය කරමින් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.