/ Nov 18, 2025

පොලිස් නිලධාරීන්ට තවත් දීමනාවක්!

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් මේ බව අද (18) පැවසූ අතර එම දීමනාව එළඹෙන මාසයේ සිට ලබාදීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

එම දීමනාව හිමිවන්නේ පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ඒ නිලධාරීන්ට දීමානාවක් දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ අනුව පොලිස් නිලධාරියෙකු රුපියල් 7,000 බැගින් දීමනාවක් දෙන්න තීන්දු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මිලයන 1,100ක් 2025 වර්ෂයට වෙන්කරලා තියෙනවා. ඒක ලබන සතියේ ඒ නිලධාරීන් වෙනුවෙන් අපි ගෙවනවා. එමෙන්ම නිලධාරීන්ගේ ක්‍රීඩා සපත්තු ඇඳුම් පැලඳුම් වෙනුවෙන් මුදලක් ඒ නිලධාරීන්ට ලබාදෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒක ලබන සතියේ අපිට අනුමැතිය ලබාගන්න හැකියාව ඇතිවෙයි කියලා විශ්වාස කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top