/ May 31, 2025

වඳුරන්, රිලවුන්ගෙන් තවත් භයානක අවදානමක්: අදහගන්න බැරි දිග පණුවෙක් දරුවෙකුගේ බඩේ!

Another dangerous threat from monkeys and raccoons

වඳුරන් සහ රිලවුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල ජනතාවට දැනට එම සතුන්ගෙන් එන පීඩාවන්ට අමතරව භයානක සෞඛ්‍ය අවදානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවති. වෛද්‍ය පරීක්ෂණ ආයතනය අනාවරණය කරන්නේ, දරුවෙකුගේ ශරීරයෙන් සෙන්ටිමීටර් 70ක් පමණ දිග වඳුරු පටි පණුවෙකු සොයාගත් බවයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල පවසන්නේ මෙසේ සොයාගත් පණුවෙකුගේ දිග සෙන්ටිමීටර් 70ක් බවයි. එසේ ම ලොව මෙතෙක් වාර්තා වී ඇති දිගම පණුවාගේ දිග සෙන්ටිමීටර් 40ක් බවද ඔහු සඳහන් කළේ ය.

වඳුරු පටි පණුවා ලෙස හැඳින්වෙන මෙම පරපෝෂිතයා මිනිසෙකුට ඇතුළුවන්නේ වඳුරු මළපහ පරිසරයට මුදාහැරීමෙන්, ස්පර්ශවන පළතුරු සහ පස මාර්ගයෙන් බව පැවසේ. 

කුරුණෑගල සහ අනුරාධපුර වැනි වඳුරු ගහණය අධික ප්‍රදේශවල මෙම පරපෝෂිතයන් වැඩි වශයෙන් වාර්තාවෙන බව කියැවේ.

මෙය බරපතළ රෝගී තත්වයක් නොවන මුත් බඩේ කැක්කුම, පාචනය, තෙහෙට්ටුව ආදී ලක්ෂණ සහිත රෝගයක් බව වෛද්‍යවරු කියා සිටිති.

ආහාරයට ගැනීමට පෙර පළතුරු ආදිය සේදීමත්, ආහාර ගැනීමට පෙර අත් හොඳින් සේදීමත්, නියපොතු කපා තිබීමත් වැදගත් බවද සෞඛ්‍ය අංශ අනාවරණය කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top