තංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) ධීවර කටයුතු පිණිස ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගලපරයක හැපී අනතුරට ලක්ව ඇතැයි වාර්තා වේ.
මේ අනතුරෙන් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. අනතුරට ලක්ව ඇත්තේ මැක්සිම් පුතා 01 නම් බහුදින යාත්‍රාවක් වන අතර අතුරුදහන් ධීවරයන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.