/ Jun 17, 2025

ලන්ඩන් යන්න ගිය Air India ගුවන් යානයක අදත් දෝශයක් ; සිදු වූ දේ මෙන්න

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු ක‍ර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ බවයි.

මෙම යානය පසුගිය දා අනතුරට ලක්වූ AI – 171 යානය වෙනුවට ලන්ඩන් බලා පියාසර කිරීමට නිමියතව තිබූ AI – 159 දරණ නව ගුවන්යානයයි.

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වන AI 159 ගුවන් යානය පස්වරු 1:10ට පිටත්වීමට නියමිතව තිබුණද, දෝෂයක් අනාවරණය වීමෙන් පසු ගුවන් ගතකිරීමට පැය කිහිපයකට පෙර එය නතර කරන ඇත.

පසුගිය දා සිදු වූ ගුවන් අනතුරෙන් පසු අහමදාබාද් – ලන්ඩන් එයාර් ඉන්දියා ගුවන් ගමනක් අවලංගු කළ දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top