හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලම ආසන්නයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විශාල ගසක ගැටී අද (04) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බස් රථයේ රියදුරු සමඟ 21 දෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි.