/ Jan 23, 2026

තවත් නාය යෑමක්. පහක් මරුට 12ක් අතුරුදහන්!

හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පවසයි.

මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස පෙළක් නායයෑමකට ලක්ව තිබෙන අතර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා සදහන් කළේ නිවාස 05ක් නායයෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම නිවෙස්වල සිටි පුද්ගලයින් අතුරුදන්වී සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර තත්ත්වයක පවතින බවද වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top