මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත හිටපු අමාත්‍යවරයෙක් වූ කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අදාළ පුද්ගලයා බණ්ඩාර රඹුක්වැල්ල වන අතර ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකි.
අද (03) උදෑසන ඔහුගේ නිවසේදී එම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





