අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යළිත් ප්‍රකාශයක් කිරීමට අවසරය ලබා දෙන්නැයි සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණයෙන් කළ ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.
සැකකරුගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ. සී. දයානන්ද මහතා පැවසුවේ වින්දිත වෛද්‍යවරියට අපහාස කර ඇය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අධිකරණය යොදා ගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සහ දරමින් සිටින බවය.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකොට ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගෙන වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට සැකකරු වේතනාන්විතවම උත්සාහ දරමින් සිටින බවත් උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
මීට පෙරද සැකකරු විවෘත අධිකරණයේ දී තමන් වෛද්‍යවරිය දූෂණය කළේ බලහත්කාරයෙන් නොවන බවට මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පැවසුවේ ය.
අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු කරමින් සැකකරුගේ මෙවැනි ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශ සඳහා ඉඩ ලබා නොදෙන්නැයි ද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තවද සැකකරු ඩී. එන්. ඒ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට මීට පෙර නියෝග කර තිබූ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණය වෙත කරුණු දක්වමින් පොලිසිය පැවසුවේ, මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවය.
ඒ අනුව, සැකකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු එළඹෙන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
තවද සැකකාර හිටපු යුද හමුදා සෙබළා විසින් පැහැර ගෙන ගොස් සඟවා තිබිය දී සොයා ගැණුනු වෛද්‍යවරියට අයත් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණි.