/ Jul 06, 2025

අදත් වෙඩි තැබීමක්!

අද (06) අලුයම වෙඩි තැබීමක් වාර්තා වී තිබේ.

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ දී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇත. මෙම තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මව, 12 හැවිරිදි දියණිය සහ තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පැවසේ.

තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.

පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top