තලංගම අකුරේගොඩ ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.
අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිවැදීමෙන් එම දෙදෙනා මෝටර් රථය තුළම මියගොස් ඇති බව වාර්තා වෙයි.
එලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවකි.
T56 වර්ගයේ ගිනිඅවියක් උපයෝගී කරගෙන අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර
එම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලංගම පොලීසිය විමර්ශන සිදුකරයි.





