කොස්ගොඩ පොලිසිය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තරුණයෙක් රෝගී වී රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බව වාර්තා වේ.
කොස්ගොඩ හතරමංහංදිය පදිංචි තරිඳු සිරිවර්ධන ද සොයිසා නම් 27 වියැති තරුණයෙක් මෙලෙස මිය ගොස් ඇත.
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී රෝගාතුර වූ බවත් හදිසියේ රෝහලට රැගෙන යන අතරතුර මරුමුවට පත් වූ බවත් පොලිසිය පවසයි.
කෙසේ වෙතත් තමන්ගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පුතුට දැඩි ලෙස පහරදුන් බව මිය ගිය අයගේ පියා කියා සිටී.