/ Jun 08, 2025

මව්පියන්ගේ නොසැලකිල්ලෙන් තවත් මල් කැකුළක් මිලින වෙයි

කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේ දී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එකහමාරක කුඩා ගැහැණු දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (18) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ එම දරුවාගේ පියා පැද වූ ටිපර් රථයකට යටවී දරුවා මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.

එම දරුවා ටිපර් රථය පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර පියා විසින් ටිපර් රථය පිටුපසට ගැනීමේදී එයට යටවී මෙම දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top