72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වුණු අතර එහි දී අවසන් 8 දෙනා අතරට ප්‍රවේශවීමට අනුදි ගුණසේකරට අවස්ථාව හිමිව නොමැත.
ඔසප් දරිද්‍රතාවය සම්බන්ධයෙන් තමන්ට ඇති අත්දැකීම් සහ එය තුරන්කිරීම වෙනුවෙන් ඇය ලබාගත් ප්‍රවේශයන් සම්බන්ධයෙන් විමසූ පැනයට ඇය අගනා පිළිතුරක් ලබා දී තිබුණත් අවසන් 8 අතරට එක් වීම සඳහා එය ප්‍රමාණවත් වී නැහැ.
ඒ අනුව Miss World- Head to Head Challenge තරඟවටයේ අවසාන තරඟයේ දී, Asia & Oceania කාණ්ඩය නියෝජනය කරමින් අවසන් 8 දෙනා අතරට තේරීපත්වුණේ තුර්කිය සහ තායිලන්තයයි.
කෙසේ වෙතත් Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත් වූයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරට පැමිණෙමිනි.
අනුදිගේ එම ජයග්‍රහණය ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
එනම් වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇය වීමයි.
එමෙන්ම අනුදිගේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ මෙවර ලෝක රූ රැජින තරගයෙන් මෙතෙක් පැවති තරග අංශ දෙකෙහිම අවසන් වටයට පැමිණි ආසියාවේ එකම තරගකාරිය ද ඇය වීමය.
72වන ‘ලෝක රූ රැජින තරගය මේ දිනවල ඉන්දියාවේ තෙලගනාහි දී පැවැත්වේ.