ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ ආසියා සහ ඕෂනියා කලාපය නියෝජනය කරමින් අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලාංකේය රූ රැජිණ අනුදි ගුණසේකර සමත්ව තිබේ.
ඇයගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අද (29) පස්වරුවේ දැනුම් දී ඇත.
ඒ අනුව එම තරග වටයේ ජය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හා භාග්‍යය ද අනුදිට හිමි වීම සුවිශේෂීය.
මෙම ජයග්‍රහණයත් සමඟ, තරගකාරිණියන් 108 දෙනෙකුගෙන් Multimedia Challenge තරග වටයේ ඉහළම ජාත්‍යන්තර ජයග්‍රාහකයින් 8 දෙනා අතරට පත්වීමට ද අනුදිට හැකිවිය.