ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද යළි දිවයිනට පැමිණ තිබේ.
ලොව පුරා රටවල් 108ක තරගකාරිනියන් සහභාගී වූ අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණි.
ලෝක රූ රැජිණ තරගාවලිය විවිධ අංශ යටතේ පැවැත්වුණු අතර එහි දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත් විය.
හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වූ අතර මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය වන්නේ ද ඇයයි.
කෙසේ නමුත් ඇයට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි විය.


